Posts

Featured Post

දහමින් සුසර වූ හෙළ වෙදකමින් නිට්ටාවට සුවය

ආරොග්‍යපරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං විස්සාසපරමා ඥාතී    - නිබ්බාණපරමං සුඛං සියලු ලාභයෝ නීරෝග බව ප්‍රධාන කොටැතියහ​. ( හැම ලාභයට ම වඩා නිරෝග බව උතුම් ).  ධනය සතුට  ප්‍රධාන කොටැත්තේ ය​. ( ලද පමණින් සතුටු වීම සියල්ලෙන් උතුම් ම ධනය යි ).  නෑයෝ විශ්වාසය පරම කොටැත්තෝ ය.( විශ්වාසයට වැඩි තරම් වූ නෑකම් ඇති කරන්නෙක් නැත ).  සැප නිවන් පරම කොටත්තේ ය​. ( හැම සැපයෙන් ම නිවන අග්‍රතම ය ).                                          ධම්ම පදය. සුඛ - වග්ගය   අතීත හා වර්තමාන හෙළ වෙදකම ගැන බිදක්...... පෞරාණික හෙළ වෙදකම වූ කලී දහමින් පෝෂණය වූ හෙළ සංස්කෘතිය සමග අත්වැල් බැදගත්  පෞඩ ඉතිහාසයක් හෙළදිව විරාජ මාන කල හෙළ පරපුර ශක්තිමත් කල ප්‍රධාන බලවේගයක් විය.  හෙළයන්ගේ දැහැමි දිවි පෙවෙතත් සොබා දහම සමග තිබූ සමීප සබැදියාවත් නිසා එදා සොබහවික  ඔෟෂධ වල නියම ප්‍රතිලාභය ලබා ගත හැකි විය​. එම ඔෟෂධ විශ්වයේ ඔෟෂධ ශක්තියෙන් අනූන  ව...