දහමින් සුසර වූ හෙළ වෙදකමින් නිට්ටාවට සුවය
ආරොග්‍යපරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං
විස්සාසපරමා ඥාතී - නිබ්බාණපරමං සුඛං
සියලු ලාභයෝ නීරෝග බව ප්‍රධාන කොටැතියහ. ( හැම ලාභයට ම වඩා නිරෝග බව උතුම් ).
ධනය සතුට ප්‍රධාන කොටැත්තේ ය. ( ලද පමණින් සතුටු වීම සියල්ලෙන් උතුම් ම ධනය යි ).
නෑයෝ විශ්වාසය පරම කොටැත්තෝ ය.( විශ්වාසයට වැඩි තරම් වූ නෑකම් ඇති කරන්නෙක් නැත ).
සැප නිවන් පරම කොටත්තේ ය. ( හැම සැපයෙන් ම නිවන අග්‍රතම ය ).
ධම්ම පදය. සුඛ - වග්ගය
අතීත හා වර්තමාන හෙළ වෙදකම ගැන බිදක්......
පෞරාණික හෙළ වෙදකම වූ කලී දහමින් පෝෂණය වූ හෙළ සංස්කෘතිය සමග අත්වැල් බැදගත්
පෞඩ ඉතිහාසයක් හෙළදිව විරාජ මාන කල හෙළ පරපුර ශක්තිමත් කල ප්‍රධාන බලවේගයක් විය.
හෙළයන්ගේ දැහැමි දිවි පෙවෙතත් සොබා දහම සමග තිබූ සමීප සබැදියාවත් නිසා එදා සොබහවික
ඔෟෂධ වල නියම ප්‍රතිලාභය ලබා ගත හැකි විය. එම ඔෟෂධ විශ්වයේ ඔෟෂධ ශක්තියෙන් අනූන
වූ අතර හෙළයන් එම විශ්ව ශක්තිය හා මනා සබැදියාවකින් අනගි ඵල නෙලා ගන්නට සමත් විය.
අවිහිංසා වාදී සත් චේතනාවන් මූලික කරගත් හෙළ ප්‍රතිකාර ක්‍රම වල දී කර්මානුකූලව අදෘෂ්‍යමාන
විවිධ බලවේගයන් සිදු කරන්නා වූ බලපෑම් ඉතා සාර්ථකව සමනයට පත් කිරීම සිදු විය.
කෙසේ වෙතත් එම අද්විතීය ඔෘෂධ ප්‍රතිකාර ක්‍රමය
අද වන විට පටු අරමුණු හා මුදල් පසු පස ගමන් කරන්නා වූ පිරිස් හේතුවෙන් සීග්‍ර පරිහානියකට පත්
වෙමින් පවතී. එමෙන්ම ඔෟෂධ ලබා ගන්නා වූ නියම සත් ක්‍රම වේදයන් හරිහැටි අනුගමනය
නොකිරීමෙන් නියම ඔෟෂධ ශක්තියන් වෙළදපලෙහි පවතින්නා වූ ඔෟෂධයන්ගේ නොපවතී.
එමෙන්ම ඔෟෂධ නියම කරන්නා වූ සහ ඔෟෂධ පරිහරණය කරන්නා වූ පිරිසගේ ආධ්‍යාත්මික පිරිහීම
හේතුවෙන් ඔෟෂධ වල පවතින්නා වූ ගුණය ඉස්මතු කිරීමට චිත්ත සන්තානයන්ගෙන් ලැබිය යුතු
සත්කාරය නොලැබී යාමෙන් ප්‍රතිකාර අසාර්ථක බවට පත් වී ඇත. එමෙන්ම කර්මානුකූලව
බලපවත්වන්නා වූ අදෘෂ්‍යමාන බලවේගයන්ගේ බලපෑම් ඇති විට රෝගියාට ඔෟෂධයන්ගේ
නියම ඔෟෂධීය ගුණය ලබා ගැනීමට නොහැකි වේ. වර්තමානයේ එම අදෘෂ්‍යමාන බලවේගයන්ගේ
බලපෑම නොසලකා හැරීම සහ ධර්මයට පටහැනි ලෙස කටයුතු කිරීම නිසා ප්‍රතිඵල අසාර්ථක වී ඇත.
Comments
Post a Comment